28 C
Colombo
Sunday, October 6, 2024

අපි ජනාධිපති විශ්වාස කරනවා-කාදිනල් හිමි

- Advertisement -

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්‍රශ්නය ජනතාව තුළ තිබෙන බව උන්වහන්සේ මෙහිදි පෙන්වා දුන්නා.

මෙරට ජනතාව තුළ අනුර කුමාර දිසානයක මහතා කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත්, එතුමාගේ අවංකභාවය පිළිබඳව තමන් අගය කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියා.

එම අවංකභාවය සහ ලෙන්ගතුකම ජනතාව හමුවේ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට එහිදි තවදුරටත් අදහස් දක්වමින් පැවසු හිමිපාණන් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළා.

මෙම අවස්ථාවට කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පාස්කු ප්‍රහාරය වින්ඳිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි...

සරුංගල් යවන්නේ බලාගෙනයි

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ...

බිත්තර කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්

පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....