25 C
Colombo
Friday, January 3, 2025

සරුංගල් යවන්නේ බලාගෙනයි

- Advertisement -

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ අටලුගම කුරුඳුවත්ත පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.

පොලිසිය සඳහන් කළේ ඔවුන් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාලකරුවන් දෙදෙනා සහ තවත් දරුවෙක් එක්ව බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට විනෝදයට සරුංගලයක් යවමින් සිට තිබෙනවා.

එය නිවස ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී ඇති බව සඳහන්.

ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

යෝෂිත CIDයට ඇවිත්

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම...

පැරණි පොලීසියේ CCTV හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇති බව කොටුව...

චීනයෙන් තවත් වෛරසයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක්...

POPULAR ARTICLES