හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
මේ වන විටත් හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සඳහා එස්.ටී.එෆ් නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඇතුළු 163 දෙනෙකු සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ රජිත් කීර්ති තෙන්නකෝන් නැමැත්තා ඇතුළු කිහිප දෙනෙක්ම මෙම සාවද්‍ය පුවත සමාජ මාධ්‍ය ඔස්සේ පලකර තිබුණා.