30 C
Colombo
Tuesday, October 15, 2024

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව ඔහු සදහන් කරන්නේ යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන ආන්දෝලනාත්මක දූෂණ සහ ඝාතන පිළිබද විමර්ශන කටයුතු සිදු කිරීමට පත්කරන විශේෂ කමිටුව සදහා අවශ්‍ය සහාය ශානි අබේසේකර මහතාගෙන් ලබා ගැනීමට නියමිත බවයි.

එම විශේෂ කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මෙහෙයවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ශානි අබේසේකර මහතා යළි සක්‍රීය පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම යටතේ බදවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවටද News19 වෙත තොරතුරු වාර්තා වනවා.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සම්පූර්ණ වගකීම ඔහුට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

මහජන ධනය සාංඝික දේපොළක් සේ සළකන්න-අනුර (වීඩියෝ)

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම...

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කර තිබෙනවා. කෙසේවෙතත්, ජලාශය භාර...

මාතර වෙඩි තැබිමක්.අයෙක් මරුට

මාතර,කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...