29.1 C
Colombo
Saturday, April 12, 2025

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

- Advertisement -

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටියා.

මෙහිදී ලෝක තැපැල් දිනයට සමගාමිව මුද්දර දෙකක් නිකුත් කළා.

ඉන් එක් මුද්දරයක් හරිනි අමරසූරිය රුව සහිතව නිකුත් කර තිබු අතර තවත් මුද්දරයක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිතව නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඕනෑම පුද්ගලයෙක්ගේ රුව සහිත සමරු මුද්දර නිකුත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුවත් අග්‍රාමාත්‍යවරිය හා විජිත හේරත් මහතා මේ වන විට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනෙකුවීම විශේෂත්වයක්.

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයෙකු වන අතර කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයෙකු වනවා.

RECENT ARTICLES - SINHALA

අස්වැසුම්ලාභීන්ට බැංකු ගිණුම් හා හැඳුනුම්පත් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් නොමැති වීම වැනි පරිපාලනමය ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් ණය පහසුකම් වැඩසටහනට අදාළ සමාජ ආරක්ෂණ...

ප්‍රවාහන සේවා ගැන තොරතුරු දැනගන්න දුරකතන අංක කිහිපයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක වනවා. කෙසේවෙතත් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ, මේ...

බන්ධනාගාර රැඳවියන්ට නිදාගන්න ශිෆ්ට් එකක්

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදා ගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා. 2023 වසරේදී නිකුත් කළ...

POPULAR ARTICLES