30 C
Colombo
Tuesday, October 15, 2024

හේෂා මාව රැවැට්ටුවා – දමිතා (වීඩියෝ)

- Advertisement -

සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට තමාව ඇතුළත් කරන බව පවසමින් හේෂා විතානගේ මහතා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව මෙන්ම තමාවද රවටා ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ තමා අපේක්ෂක ලැයිස්තුවෙන් කැමැත්තෙන් ඉවත් වන බව පවසා හේෂා විතානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.

කෙසේවෙතත්, ඊයේ රත්‍රියේදී හේෂා විතානගේ මහතා අද උදෑසන නාම යොජනා අත්සන් තැබීම සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් හරහා දැනුම් දුන් බවත් දමිතා අබේරත්න මහත්මිය මෙහිදී පවසා සිටියා.

මෙලෙස තමාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බවද ඇය මෙහිදී සඳහන් කළා.

“හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ. මම කොහෙන්හරි ඉල්ලනවද කියලවත් හිතලා තිබුණේ නැහැ. මට කිව්වා… නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මම එන්නම් කියලා. ඒ විදියට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනන් මගේ ලග සාක්ෂි තියෙනවා. ඊයේ මට ආරංචියක් ආව මගේ නම නෑ කියලා. මගේ නම වෙනස් කරා කියලා. මං මේ සාක්ෂි ඇතුව කථා කරන්නේ. මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්වන්න ලෑස්තියි.

මං දන්නෑ හේෂා මේ වගේ පහත් තැනකට වැටුණේ ඇයි කියලා. මාව යෝජනා කරපු කෙනාම මාගේ කකුලෙන් අදින්න පටන්ගත්තා.  අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිවම සිදුවෙලා තියෙනවා”.


RECENT ARTICLES - SINHALA

මහජන ධනය සාංඝික දේපොළක් සේ සළකන්න-අනුර (වීඩියෝ)

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම...

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කර තිබෙනවා. කෙසේවෙතත්, ජලාශය භාර...

මාතර වෙඩි තැබිමක්.අයෙක් මරුට

මාතර,කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...