24 C
Colombo
Friday, January 3, 2025

කපු කතට පහරදී දේවාලය කොල්ලකාලා

- Advertisement -

දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන කාන්තාවකගේ කට සහ ගෙල ප්‍රදේශය කපා තුවාල කර තිබෙනවා.

කටුගස්තොට පොලීසිය පවසන්නේ ඒ සමගම රු.409,000කට අධික වටිනා මුදල් හා දේපොළ පැහැරගෙන පලා ගොස් ඇති බවයි.

ශාන්ති කර්ම සිදුකරන බව පැවසෙන කාන්තාවගේ සැමියාටද මෙම කොල්ලකරුවන් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

මේ හේතුවෙන් අඹුසැමි යුවළ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව කියා පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අඹු සැමි යුවළ මරා දමන බවටද තර්ජනය කර තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනාට පහරදී ශාන්ති කර්ම කරන කාන්තාවගේ ගෙල සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර දෙදෙනාම සාලයේ බිම දිගා කර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙහිදී කාන්තාව පැළඳ සිටි රන් කරාඹු ජෝඩුව ගලවාගෙන නිවසේ තිබූ ජංගම දුරකථන හතරක් සහ ටැබ් යන්ත්‍රයක් ඇතුළු දේපොළ කොල්ලකා පලා ගොස් තිබෙනවා.

මීට අමතරව රු.73,000ක මුදලක්ද සොරාගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES