28 C
Colombo
Tuesday, October 15, 2024

පාසල් විවෘත කිරීම ගැන නිවේදනයක්

- Advertisement -

ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, දිවයිනේ පවතින වැසි තත්වයේ අඩු වීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහෙත් ජලයෙන් යට වූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වන විට බැස යමින් තිබෙනවා. අප වාර්තාකරුවන් සදහන් කළේ, ගංවතුර හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල සහ කොලොන්නාව යන ප්‍රදේශ වල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, කටාන, වත්තල, සහ බියගම යන ප්‍රදේශ වල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ, එම ප්‍රදේශ වල පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක බවයි.

කැළණි ගග, නාගලම් වීදිය ප්‍රදේශයෙන් සහ ගිංගග බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් අවධානම් තත්ත්වයක පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

අත්තනගලු ඔය, කලුගග සහ නිල්වලා ගග ජල මට්ටම් බැස යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වර්ෂාපතනය හමුවේ මේ වන විට කුකුළේ ගග ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවෘත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහජන ධනය සාංඝික දේපොළක් සේ සළකන්න-අනුර (වීඩියෝ)

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම...

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කර තිබෙනවා. කෙසේවෙතත්, ජලාශය භාර...

මාතර වෙඩි තැබිමක්.අයෙක් මරුට

මාතර,කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...