28 C
Colombo
Tuesday, October 15, 2024

ඩයනාට එරෙහි නඩු හතක සාක්ෂිකරුවන්ට නොතීසි

- Advertisement -

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවරන ලද නඩු හතක සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) නියෝග කළා.

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අදාළ නඩු පවරා තිබෙනවා.

සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙසත් සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව  මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළා.

හෝකන්දර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නතාෂා කැකුණදුර යන අය විත්තිකාරිය කරමින් මෙම නඩු හත පවරා තිබෙනවා.

ඊයේ දිනයේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට, මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට, නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස නම් කර ඇති පැමිණිලිකරුට ඔක්තෝබර් 24 වන දින උසාවියේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළා.

ඒ අනුව,  මෙම නඩු විභාගය ලබන 24 දින සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මහජන ධනය සාංඝික දේපොළක් සේ සළකන්න-අනුර (වීඩියෝ)

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම...

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කර තිබෙනවා. කෙසේවෙතත්, ජලාශය භාර...

මාතර වෙඩි තැබිමක්.අයෙක් මරුට

මාතර,කැකනදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...