28 C
Colombo
Tuesday, October 15, 2024

සුරාබදු නිලධාරීන් 3කට වැඩ වරදියි

- Advertisement -

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළා.

ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින්.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර තිබෙන බවත් තීන්දුවෙන් චෝදනා කර තිබුණා.

අදාළ ඖෂධාලයේ හිමිකරුවූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ එහි සේවකයින් හතරදෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණා.

ඒ අනුව, අදාළ වැටලීමට සහභාගී වූ බොරැල්ල, සුරාබදු හා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, එහි සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සහ සුරාබදු නියාමක එන්. එස් රත්නායක යන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව, එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම මහතාට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වී තිබුණා.

අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝගයේ සඳහන් වෙනවා.

ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් එම කොමිසම වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

ඊට අමතරව වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් තුන්දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රුසියානු සිසුන් දෙදෙනෙකුට කෝටි 11 ක දඩයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි...

කොදෙව්වන්ට ලකුණු 163ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...