28 C
Colombo
Tuesday, October 15, 2024

නීතිපති දෙපාර්තුමේන්තුවේ වාහන ඉස්සූ දෙදෙනාට ඇප

- Advertisement -

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා හා කළමනාකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) නියෝග කළා.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප හතරක් සහ රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ඇප දෙකක් මත මෙසේ මුදා හරින ලද්දේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපති වූ බෙලිගල කෑගල්ල ලිපිනයේ පදිංචි අමිල නුවන් ජයතිස්ස සහ ආරක්ෂක කළමනාකාර කඩුගන්නාවේ පදිංචි සුනිල් රත්නායක සැකකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, විමර්ශනයේ වැඩිදුර විභාගය පෙබරවාරි 11 නිදිනට නියම කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ළමා නිවාසයේ මුරකරු ඝාතනයකට ළමුන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට...

රුසියානු සිසුන් දෙදෙනෙකුට කෝටි 11 ක දඩයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි...

කොදෙව්වන්ට ලකුණු 163ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...