සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බව එම පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
වසර ගණනාවක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය පක්ෂයට බරපතල විවේචනයක් සිදුකළ පුද්ගලයෙකුට තමන් දැරූ සංවිධායක ධුරය ලබා දීම හරහා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව මාන්නප්පෙරුම මහතා පෙන්වා දෙනවා.
පක්ෂයට තුළ සිදුවන අනිසි අත පෙවීම් පාලනය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නොමැති බවත් ඔහු නෝංජල් පුද්ගලයෙකු බවත් මෙම සාකච්ඡාවට එක්වෙමින් අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් සදහන් කරනවා.
ඊට අදාළ දර්ශන පහතින්,