දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කර තිබෙනවා.
කෙසේවෙතත්, ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී.එම්. වීරසූරිය මහතා පවසන්නේ මෙම තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය පහළ ප්‍රදේශ වලට කිසිම අයුරකින් ගංවතුර තත්වයක් ඇති නොවන බවයි.
දැදුරු ඔය ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 60000ක් වන අතර වාන් දොරටු දෙක විවෘත කිරීම හේතුවෙන් මේ වනවිට දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 1400 ක ජල පරිමාවක් මුදා හැරෙනවා.