25.7 C
Colombo
Sunday, November 24, 2024

මහර සිරකරුවන්ට වෙඩි තිබ්බ නඩුව වහලා දාලා

- Advertisement -

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙසත්  ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිදු කළ විරෝධතාවයකදී සිරකරුවන් 11 දෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තුමේන්තුව පවත්වාගෙන ගිය නඩු ගොනුව වසා තැබීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

එම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් අපරධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පසුගිය අගොස්තු 30 වැනිදා දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දරගේ අත්සනින් යුතු ලිපියක් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඒ බව දැනුම් දී ඇති අතර, එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහෙස්ත්‍රාන්වරයාටද යොමු කර තිබෙනවා.

සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිත්‍යනුකූලව කටයුතු කර ඇති බවත්, නිලධාරීන් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බවත්, නිරීක්ෂණය වී ඇති බව අදාළ ලිපිය මඟින් නීතිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එම ලිපියෙහි තවදුරටත් සඳහන් කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වී ඇති බවයි.

එබැවින්, මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව ද දෙපාර්තමෙන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බව ද එම ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ, වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කරමින්, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට 2023 වසරේ අප්‍රේල් 26 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර ඇති පසුබිමකයි.

මියගිය සිරකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා.

කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත්, ඒ අනුව කළහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිඳු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවට සළකුණු නොමැති බවට තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා මිය ගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදු වී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවද මහෙස්ත්‍රන් පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධිය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ එම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියම කර තිබුණා.

බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවට සාක්කි ඉදිරිපත් වුවද මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවටද මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබෙනවා.

එමෙන්ම, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවද ඔහු පවසා තිබුණා.

2020 වසරේ නොවැම්බර් 30 වෙනි දින මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසකට තුවාල ලැබුවා.

මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේ දෙසැම්බර් මසයේ දි පවසා තිබුණේ කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකිරීම මහර බන්ධනාගාරයේ ගැටුමට හේතු වූ බවයි.  


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES