24 C
Colombo
Wednesday, January 8, 2025

චීනෙට වන්දනාමාන කිරීම නිසා GSP සහනයත් අහිමි වෙන්නයි යන්නේ..! – හේෂා

- Advertisement -

ශ්‍රී ලංකාව චීනයට වන්දනාමාන කරන තත්ත්වයට පත්ව තිබෙන හෙයින් මේ වන විට GSP සහනය අහිමි වීමේ අනතුරක් මතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

චීනයට සිමා වෙමින් මෙරට ආණ්ඩුව කරයුතු කරමින් සිටින දෙස බලා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ගෙල සිරකරන තැනට කටයුතු කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

දැනටමත් ඇඳේ සිටින ආර්ථිකයට හුස්මක් ගත හැක්කේ මෙම GSP සහනය යුරෝපා මත්ස්‍ය සහනය හේතුවෙන් වන හෙයින් එය අහිමි වුවහොත් රටට අත්වන ඉරණම සිතාගත නොහැකි බව මන්ත්‍රීවරයා පවසයි.

2010 අගෝස්තුවේදී එනම් මහින්ද රාජපක්ෂ සමයේදී මෙම GSP සහනය රටට අහිමි වූ අතර එය නැවත ලබා ගැනීමට හැකි වූයේ 2017 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ වන අතර නැවතත් එය අහිමි කරගන්නා තැනට කටයුතු නොකරන ලෙසයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටින්නේ.

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...