28 C
Colombo
Wednesday, October 16, 2024

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

- Advertisement -

මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළා.

පෝස්ටර්ය පිළිබඳව තමන් නොදන්නා බවට හා සිය සේවකයින් විසින් මුද්‍රණය කර ඇති බවට අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ දසුන් තරංග නමැති මුද්‍රණාල හිමිකරුවාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සිංහලෙන් තිබූ පෝස්ටරයක් මුද්‍රණය කිරීමට භාරගෙන මුදල් ද ලබාගත් තමුන් එය නොදන්නා බව පැවසීමට තරම් අනවබෝධ පුද්ගලයෙක් දැයි විනිසුරුවරයා මෙහිදී සැකකරුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා සහ පොලිස් සැරයෙන් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු පෝස්ටරය මුද්‍රණය කිරීමට ලබාගෙන රුපියල් 43500ක මුදලක්ද ලබාගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කිරිමේ තීරණයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...

විදෙස් ජාතිකයින් මෙරට සිට මෙහෙයවන ස්කෑමින් කෑම්ප් ගැන අනාවරණයක්

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලාංකිකයින් සිර කර තබාගෙන මියන්මාරයේ ක්‍රියාත්මක සයිබර්...

ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශ වෙලා

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල මෙලෙස...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...