31 C
Colombo
Friday, October 18, 2024

සුනාමි ගෙවල් 500ක් වසර 14කට පසු භාරදෙන්න තීරණයක්

- Advertisement -

සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් 500ක් වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 500ක් වසර 14කට පසුව ප්‍රතිලාභීන් වෙත පවරාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.

2009 වසරේදී සවුදි අරාබියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියෙන් අම්පාර නොරොච්චෝල ප්‍රදේශයේ නිවාස 500ක් ඉදි කර තිබුණත් ඒවා ප්‍රතිලාභීන් වෙත භාර දීමට කටයුතු කර නැහැ.

පසුගියදා ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කටානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් එම නිවාස ජනතාව වෙත පවරා දීමට තීරණය කෙරුණා.

පසුගිය 2011 වසරේ ජූනි මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතිය අවසන් කර තිබෙන අතර එවකට ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නිවාස ව්‍යාපෘතිය නිල වශයෙන් භාර දී තිබුණා

නමුත් අධිකරණ තීන්දුවකට අනුව එය ප්‍රතිලාභීන් වෙත භාරදීම අත්හිටුවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

නිවාස 500කින් සමන්විත මෙම ව්‍යාපෘතියට පාසලක්, සුපිරි වෙළෙඳ සංකීර්ණයක්, රෝහලක්, පල්ලියක් ඇතුළු අංග රැසක් අයත් වන අතර සමස්තයක් වශයෙන් ගත් කල එය ගම්මානයක් බව ද මෙය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීම සවුදි අරාබියාවේ අපේක්ෂාව බවද සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

අදාළ අධිකරණ තීන්දුවෙන් පසුව මේ දක්වා විවිධ ආණ්ඩු සහ විවිධ රාජ්‍ය නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ අතර පසුගියදා සවුදි අරාබියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එය කඩිනමින් ප්‍රතිලාභීන් වෙත බෙදාදීමට තීරණය කර තිබෙනවා.(දිනමිණ)

RECENT ARTICLES - SINHALA

පාස්කු විමර්ශන මැදට පනින්න එපා, ගම්මන්පිලට පිළිතුරක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොටගෙන දේශපාලනයේ නියැලීමෙන් වළකින ලෙස කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ‘The...

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

ගිනි අවි යළි භාර දෙන ලෙස කළ නිවේදනයට එරෙහිව පෙත්සමක්

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...