31 C
Colombo
Friday, October 18, 2024

කොළඹ – මඩකලපුව සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

- Advertisement -

කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද (18) දිනට නියමිත සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වනඅලි රංචුවක් ගැටීමෙන් අද අලුයම සිදු වූ අනතුරෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවීම හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව මෙම පියවර ගෙන තිබෙනවා.

මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබු අතර එහිදී දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළී ගොස් තිබුණා.

මෙම අනතුරින් වනඅලියෙකු මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන්, අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

කායික දුබලතා සහිත අය වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන් තීරණයක්

මහමැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන්ට ඡන්ද මධ්‍යස්ථාන කරා යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ...

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හොඳ රටක් බිහි වෙන්නේ නැහැ – ලාල් කාන්ත

මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ‘දිනමිණ’ වෙත...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...