31 C
Colombo
Friday, October 18, 2024

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

- Advertisement -

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා.

නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම් සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දී ගත යුතු තත්වයක් හටගෙන ඇති බව එම වෙළඳුන් පෙන්වා දෙනවා.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනීමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දී  ගත යුතු බවයි.

පවතිනතත්ත්වය මත සිය වෙළඳසැල්  තුළ  කීරි සම්බා තොග ගොඩ ගැසී ඇති බවද සහල් වෙළඳුන් පවසනවා.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 230, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවීමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවත් වෙළඳුන් කියා සිටිනවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

ගිනි අවි යළි භාර දෙන ලෙස කළ නිවේදනයට එරෙහිව පෙත්සමක්

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්...

කායික දුබලතා සහිත අය වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන් තීරණයක්

මහමැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන්ට ඡන්ද මධ්‍යස්ථාන කරා යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ...

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව තවත් පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...