28 C
Colombo
Friday, October 18, 2024

ගිනි අවි යළි භාර දෙන ලෙස කළ නිවේදනයට එරෙහිව පෙත්සමක්

- Advertisement -

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී.නවින්තක ද සිල්වා මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ, 2012 හෝ 2013 වසරවල තමන්ට එල්ල වූ බරපතළ තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් බලපත්‍රයක් යටතේ ගිනි අවි ලබාගත් බවයි.

අරගලය පැවති සමයේ සිය හෝටල්වලට අලාභ හානි සිදුකළ බවත්, ඒ තුළින් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත්, ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබුණා.

මෙම වාතාවරණය තුළ බලපත්‍රය යටතේ නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස ඉකුත් 07 වනදා ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබුණු බව පෙත්සම්කරු සඳහන් කරනවා.

මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් තමන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළත් එයින් පලක් නොවූ බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණේ, ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ නිවේදනය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

මින්නේරිය ඛේදවාචකය ගැන පරික්ෂණයක්

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන්...

සමහර ජ්‍යෙෂ්ඨයෝ ගිය එක අපිට ජයග්‍රහණයක් – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එම පක්ෂයෙන් ඉවත්වීම පක්ෂය ලැබූ දේශපාලන ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා...

HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...