27 C
Colombo
Friday, October 18, 2024

HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා තිබෙනවා.

අදාළ ශිෂ්‍යාවන් පස් දෙනාට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබඳව අනිසි කැලඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවෙන බව ද සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙවැනි සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, එ්වාට අනිසි බියක් හෝ කැලඹීමක් ඇතිකර ගත යුතු නොවන බව ද දැනුම් දී තිබෙනවා.

එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයන් මෙන්ම මෙවන් අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩසටහන්වල දී දක්නට ලැබෙන බව අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

කෙසේවෙතත් විධිමත් ක්‍රියාදාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාව බව ද සඳහන් කරනවා.

එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නත වන අතර, මෙම එන්නත ආරක්ෂිත හා ඵලදායී වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකර කර ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙටි කාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවදානමට සාපේක්ෂව බොහෝ වාසි හා ප්‍රතිලාභ මෙම එන්නතෙන් ලැබෙන අතර, ලොව පුරා නව යොවුන් දරුවන් සඳහා මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් ආරක්ෂිතව ලබාදී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අදාළ නිවේදනය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, 2017 වසරේ හඳුන්වා දුන් HPV එන්නත එදා මෙදා තුර ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පිළිකා සැදීමේ අවදානම අවම කරමින් අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයට උරදෙන බැවින් HPV එන්නතෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳව විශ්වාසය මැනවින් පවත්වාගෙන, නියමිත එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබාදී තම දරුවන්ගේ නිරෝගීභාවය තහවුරු කරගන්නා ලෙසයි.


RECENT ARTICLES - SINHALA

ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. රුපියල් 50,000ක මුදලක්...

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස ඊයේ සිදුකළේ බදු...

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

0
සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්...

POPULAR ARTICLES

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...