26 C
Colombo
Saturday, October 19, 2024

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

- Advertisement -

සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු සංවිධායක සාගර සේනාරත්න මහතා සඳහන් කරන්නේ සමාජ විරෝධය නොතකමින් පක්ෂය තුළ ගනු ලබන තීරණ හේතුවෙන් තමන් එම පක්ෂයෙන් ඉවත් වී මෙවර මහමැතිවරණයට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කළ බවයි.

අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන පෞර්ෂය පිළිබඳ තමන් සතුටු වන බවත් තම පක්ෂයේ නායකයන්ටද එවැනි පෞර්ෂයක් තිබුනේ නම් කිසිදිනක මෙවැනි පරාජයක් තම පක්ෂයට හිමි නොවුණු ඇති බවත් සේනාරත්න මහතා සඳහන් කර පවසනවා.

පක්ෂය තුල සිටින බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස අද වන විට බුද්ධිමත් මෝඩයන් බවට පත්ව ඇති බවත් මෙවර ජනාධිපතිවරණයේදී තම ආසන පවා රැක ගැනීමට ඔවුන්ට නොහැකි වූ බවත් සේනාරත්න මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් පක්ෂය සතුව නොතිබූ බවද ඔහු මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙන්නේ අභ්‍යන්තර දේශපාලන කරුණු රැසක්ද හෙළි කරමින්.

සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප මිතුරෙකු, බිරිඳ සහ නැගණිය දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්ද ඔහු විවේචනයක් සිදු කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. රුපියල් 50,000ක මුදලක්...

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස ඊයේ සිදුකළේ බදු...

මගේ සාක්කුවට ආපු සල්ලි දැන් යන්නේ අනුරගේ සාක්කුවට-කාංචන

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් පවසන බහුතරයක් ප්‍රකාශක අසත්‍ය බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාතර...

POPULAR ARTICLES

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...