27 C
Colombo
Wednesday, October 23, 2024

අතිශය රහස් ඇමෙරිකන් බුද්ධි වාර්තා ප්‍රසිද්ධ වෙලා

- Advertisement -

ඊශ්‍රායලය ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

රහස් වාර්තා ප්‍රසිද්ධ වීමත් සමඟ මහත් ආන්දෝලනයක් නිර්මාණය වී ඇති බවයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම අතිශය රහස් වාර්තා ඇමෙරිකන් බුද්ධි අංශ විසින් සකස් කරනු ලැබ ඇත්තේ පසුගිය ඔක්තෝබර් 15 සහ 16 වැනිදායි.

පසුගිය දා ඒවා ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ, ඉරාක හිතවාදීන් අතරේ ප්‍රසිද්ධියට පත් වී තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අතිශය රහස් වාර්තා ප්‍රසිද්ධියට පත්වූයේ කෙසේදැයි යන්න සෙවීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ මේ වනවිටත් කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තාවනවා.

එමෙන්ම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට මිසයිල වරුසාවකින් ප්‍රහාර දීමට උත්සාහ ගැනීමෙන් පසුවයි.

එම මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...