ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
මෙම අලුත්වැඩියා කටයුතු නිසාවෙන් ජල සැපයුම හෙට (22) දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.