28 C
Colombo
Tuesday, October 22, 2024

අලුත් වුණ විදෙස් ගමන් බලපත

- Advertisement -

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ (21) සිට පියවර ගෙන තිබෙනවා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තයි.

එමෙන්ම පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත අතර නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයයි.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විත වනවා.

යාපනය නල්ලූර් කෝවිල, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්‍රී දළදා මාලිගාව, කොළඹ නෙළුම් කුළුණ, , පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතයි.

RECENT ARTICLES - SINHALA

ගම්මන්පිල කියන ඒවා කරන්නෙ නැහැ – විජිත

රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට රජයේ කිසිදු අවස්ථාවක සූදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද...

මාතර ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට

මාතර - කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින්...

ලාංකික තරුණයෙක් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (21) එරට දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පංචලිංගම් පාර්තිපන් නැමති පදිංචි 44 හැවිරිදි මොහු,...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...