27 C
Colombo
Wednesday, October 23, 2024

පේරුහි හිටපු ජනපතිට වසර 20ක සිරදඬුවමක්

- Advertisement -

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ‘අලෙහන්ද්‍රෝ ටොලීඩෝ’ට වසර 20ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

ඒ, ඔහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙන්.

2001 වසරේ සිට 2006 වසර දක්වා ඔහු පේරු රාජ්‍යයේ ජනපති ධුරයේ කටයුතු කළා.

පේරු හා බ්‍රසීලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්, ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලස් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනා අතරට ඇතුළත් වනවා.

78 හැවිරිදි ටොලීඩෝ, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇති ආර්ථික විද්‍යාඥයෙක්ද වනවා.

අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හේතුවෙන් ඔහු අමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුණේ 2019 වසරේදීයි.

අදාළ ඉදිකිරීම් සමාගමෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන්, පේරු රාජ්‍යයේ තවත් ජනාධිපතිවරුන් දෙදෙනෙකුට එරෙහිව ද විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් වාර්තාවල දැක්වනවා.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...