28 C
Colombo
Tuesday, October 22, 2024

රංජන්ගෙන් අනුරට ලියුමක්

- Advertisement -

වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තාවනවා.

2024 ඔක්තෝම්බර් 02 දිනැති ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවයි රංජන් රාමනායක මහතා සිය ලිපියෙන් ඉල්ලා තිබෙන්නේ.

පසුගිය පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්ක සමගි ජන බලවේගය පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වූ ඔහු මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස නාමයෝජනා භාර දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබුණා.

2021 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රන්ජන් රාමනායක වරදකරු බවට තීන්දු කළා.

යහපාලන රජය සමයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ‍රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා.

එහිදී ඔහුට වසර හතක කාලයක් සඳහා (ජනවාරි 12, 2021 සිට 2028 ජනවාරි 12 දක්වා) ඔහුගේ ඡන්ද අයිතිය හෝ තේරී පත්වීමේ අයිතිය ස්වයංක්‍රීයව අහිමි වුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගැලවුණු තරුව ආපහු ලැබිලා

ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන "එයාර්ලයින් රේටින්ග්ස්" විසින් පසුගිය දා පහත හෙළන ලද මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන්...

පෙත්සම් 2ක වගඋත්තරකරුවක් ලෙස රනිල්ව නම් කරන්න අවසර

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති...

රනිල් ආරක්ෂකයින් 163ක් ලිඛිතව ඉල්ලලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරින් 163 ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...