27.5 C
Colombo
Thursday, October 24, 2024

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

- Advertisement -

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ට පූර්ව ඇපයක් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් රජයේ නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවත් එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඉල්ලා ජේ.සි රංගා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවරූ පැමිණිල්ල නිෂ්ප්‍රභා කරමින් මෙසේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට දාලා

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව...

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...