31 C
Colombo
Friday, October 25, 2024

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

- Advertisement -

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව තිබෙනවා.

මේ හේතුවෙන් පොලිස් ස්ථානය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවයි.

බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින්.

පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ තරුණයින් දෙදෙනා සේවය කරමින් සිටි සීදුව පිහිටි සේවා ස්ථානයේදී.

ඔවුන් පමුණුගම සහ සෙත්තප්පාඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 24 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක්.

කෙසේවෙතත් මව්පියන් ඇතුළු ගම්වාසීන් චෝදනා කරන්නේ රන්මාල සොරකමකට සම්බන්ධ නොවන මෙම තරුණයින් දෙදෙනා අත්අංඩගුවට ගෙන පොලීසිය ඔවුන්ට අමානුෂික ලෙස පහරදී ඇති බවටයි.

පසුව දුංගල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පහරකෑමට ලක්වී ඇති තරුණයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවට දුංගල්පිටිය පොලිස් ස්ථානාධිපති ලබාදුන් පොරොන්දුවත් සමග පිරිස විසිරගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැසිකිළි පිරිසිදු කරන්න ගිය පාසල් ළමුන් පිරිසක් රෝහලේ

හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ සිසුවියන් කිහිපදෙනෙකු අද (25) යම් රසායනික...

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

ජනපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...