28 C
Colombo
Friday, October 25, 2024

ජනපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මෙන්න

- Advertisement -

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා වන අතර එම මුදල රුපියල් කෝටි 112කට අධික වනවා.

එහිදී ඔහු රුපියල් 936,258,524.60ක මුදලක් අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර සමගි ජන බලවේගය ඔහු වෙනුවෙන් රුපියල් 194,087,715.04ක් වියදම් කර තිබෙනවා.

දෙවෙනියට වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා වනවා.

ඔහු වියදම් කර ඇති මුදල රුපියල් 990,327,687.16ක් වන අතර ස්වාධීන අපේක්ෂකයින් අතරින් වැඩිම වියදමක් සිදුකළ අපේක්ෂකයා ද ඔහු වෙයි.

මෙවර ජනාධිපතිවරණය ජයගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කිසිඳු පෞද්ගලික වියදමක් දරා නොමැති බව ඔහු මැතිවරණ කොමිසමට එවූ වාර්තාවේ දැක්වෙනවා.

කෙසේවෙතත්, ඔහු ඉදිරිපත් වූ පක්ෂය වන ජාතික ජනබලවේගය විසින් රුපියල් 527,999,889.38ක මුදලක් මැතිවරණ වැඩකටයුතු සඳහා වැය කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී සිව්වැනි ස්ථානය හිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිඳු වියදමක් දරා නොමැති බව සඳහන් වනවා.

ඔහු වෙනුවෙන් පක්ෂය වියදම් කර ඇති මුදල රුපියල් 388,939,085.00ක්.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 324,643,246.05ක මුදලක් වියදම් කර තිබෙනවා.

එම මුදල් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පෞද්ගලිකවම දරා ඇති අතර ඔහු වෙනුවෙන් පක්ෂය කිසිඳු වියදමක් දරා නොමැති බව වාර්තා වනවා.

2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ප්‍රකාරව සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණා.

ඒ අනුව, ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුනේ එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දහිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක උපරිමයක් ලෙසයි.

එමගින් එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් 1,868,298,586ක මුදලක් වියදම් කිරීමට අවසර හිමිවුණා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 38 දෙනෙකු අතරින් එම වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 දෙනෙකු පමණයි.

ඒ අනුව, අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක පාසල් සිසුවෙක්. ඔහු සිසුවා...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...