30 C
Colombo
Friday, October 25, 2024

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

- Advertisement -

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ මේ වනවිට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදී ඇති අතර අධිකරණ කටයුතු ද බාධාවකින් තොරව සිදු කෙරෙන බවයි.

ඊයේ (24) පස්වරුවේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දක්වමින් මහේස්ත්‍රාත්වරයාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ලිපිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා.

මඩකලපුව මහේස්ත්‍රාත්වරයාගේ නමට යොමුකර තිබූ එම ලිපියේ දන්වා තිබුණේ අද (25) සහ 28 යන දිනවලදී මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවයි.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ලිපිය තැපැල් කර ඇත්තේ ව්‍යාජ ලිපිනයකින් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක්ද ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණෙන පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සෝදිසි කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසා තිබුණේ සියලු ආරක්ෂක විධිවිධාන මේවනවිටත් යොදා ඇති අතර අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක පාසල් සිසුවෙක්. ඔහු සිසුවා...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...