28 C
Colombo
Friday, October 25, 2024

වසර 12කට පසු ජන හා නිවාස සංගණනයක් – නොබියව තොරතුරු දෙන්න

- Advertisement -

2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ඩී. ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවති සාකච්ඡාවකදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව සඳහන් කළා.

ඇය එහිදී අවධාරණය කළේ සංගණන අඥා පනතට අනුව  ලබා ගන්නා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට සෑම සංගණන නිලධාරීයෙකුම බැඳී සිටීන බැවින් නිවැරදි තොරතුරු ලබා දීමට බිය නොවන ලෙසයි.  

ඒ අනුව, එම කාලය තුළ රටේ සෑම ඒකකයක්ම ආවරණය වන ලෙස  සංගණනය සිදු කෙරන බවත්  2024 ඔක්තෝම්බර් 07  නිල වශයෙන් සංගණනය ආරම්භ කර ඇති බවත් මේ වන විට ජන හා නිවාස සංගණනයේ තුන්වැනි අදියර වන පුද්ගල හා නිවාස ඒකක පිළිබඳ තොරතුරු රැස් කිරීම සිදු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා.

එමෙන්ම රටේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක තොරතුරු රැස් කරන බැවින් සංගණනය සඳහා නිවෙස්වලට යන නිලධාරීන් සංගණන අඥා පනතේ නීතිවලටත් මැතිවරණ කොමිෂන් සභාවේ නීතිවලටත් යටත්ව කටයුතු කරන බවට දිවුරුම් ලබා දී ඇති බවත් ඇය පවසා සිටියා.

තව ද, මෙම කාලය තුළදී සංගණන ක්‍රියාවලියෙහි තාක්ෂණික කටයුතු මෙහෙයවිම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන අතර පරිපාලන කටයුතු දිස්ත්‍රික් ලේකම්/දිසාපති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු දිස්ත්‍රික් පරිපාලනය විසින් සිදු කරනු ලබන අතර මෙවර තොරතුරු රැස් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 35,000ක් පමණ මෙම ක්‍රියාවලියට යොදවා තිබෙනවා.

ශ්‍රි ලංකාවේ සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට පරිගණක තාක්ෂණය භාවිත කරමින් මෙවර සංගණන කාර්යය සිදු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා.

ඇය ප්‍රකාශ කළේ, අවසන් වරට සංගණයනයක් පවත්වා ඇත්තේ, 2012 වර්ෂයේ වන අතර ඒ අනුව, මෙවර සංගණනය පැවැත්වෙනුයේ වසර 12කට පසුව බවයි.

මෙම සංගණන ක්‍රියාවලියේදී සෑම සංගණන ඒකකයකට ම රතු පැහැති සංගණන ලේබලයක් අලවනු ලබන අතර, එක් එක් ඒකකයන්වල පදිංචි පුද්ගලයින්ගේ තොරතුරු සඳහන් කිරීමට කහ පැහැති පත්‍රිකාවක් අදාළ ඒකකයන්වලට ලබා දෙන අතර තොරතුරු රැස් කිරීමට සංගණන නිලධාරීන් පැමිණිවිට එම කහ පැහැති පත්‍රිකාව පුරවා දෙන ලෙස ත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පක්ෂ 08 ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඇල්පිටිය තරඟ බිමේ

හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ වන විට සියලු‍ කටයුතු සූදානම් කර අවසන්. ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සදහන්...

දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක පාසල් සිසුවෙක්. ඔහු සිසුවා...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...