28 C
Colombo
Friday, October 25, 2024

පොලිසියට බයේ දුවලා වැටිලා මැරිලා

- Advertisement -

තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබූ අතර එක් සැකකරුවකු බිම වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 56 ක් වන රණසිරිපුර, වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළා.

පුද්ගලයන් පිරිසක් තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ නිදන් හාරන බවට ලද තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිට පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ දී නිදන් හාරමින් සිටි සැකකරුවන් පලාගොස් තිබුණා.

පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැද ගිය අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි මීටර් 100ක් පමණ දුරින් වැටී සිටි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරුව පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ පුතා පවසා ඇත්තේ මියගිය පුද්ගලයා කලක පටන් හෘදයාබාධයකින් පෙළී ඇති බවයි.

නිදන් හෑරූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන අතර තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කලාට ලක්ෂ 28ක දඩයක්

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග...

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...