28 C
Colombo
Friday, October 25, 2024

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

- Advertisement -

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙජ් පත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර මතභේදාත්මක තත්වයක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා වෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහුව එම ධූරයේ තවදුරටත් රඳවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය තීරණය කර තිබූ බවයි.

සම්පත් අමරතුංග මහතා ධුරයෙන් ඉල්ලා අස් වීමට පෙර නිල සංචාරයක් සඳහා දින දෙකක් දකුණු කොරියාවේ සිටි අතර එහිදී ඔහු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට සහාය වීම සඳහා කොරියානු රජයෙන් ප්‍රදානයක් ලබා ගෙන ඇති බවද වාර්තා වෙනවා.

එම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි  ඔහු අග්‍රාමාත්‍යවරිය හමුවී රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තම ඉදිරි දැක්ම විස්තර කර ඇති අතර  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති කිහිපයක් ඔහු කළ යෝජනාවලට විරෝධය පළ කර ඇති බවද සඳහන්.

අනතුරුව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඉල්ලා අස්වුණු බව දැනුම් දෙනු ලැබුවා.

කෙසේවෙතත්,  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හිටපු සභාපතිවරයා වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට පෙර සම්පත් අමරතුංග මහතාට තවදුරටත් සිය ධුරයේ කටයුතු කළ හැකි බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය තීරණය කර තිබූ බවයි වාර්තා වෙන්නේ.

ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා ඔක්තොම්බර් 15 වෙනිදා එම ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඔක්තොම්බර් 18 වන දින එහි නව සභාපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගත්තා.

2020 වර්ෂයේ දී පත්කෙරුණු වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කලාට ලක්ෂ 28ක දඩයක්

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග...

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...