28 C
Colombo
Friday, October 25, 2024

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර තිබෙනවා.

පසුගියදාපැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම මිස වෙනත් පාර්ශවයන්ගේ දියුණුව නොවන බවයි.

දිළිඳුකම යනු මුදල් නොමැතිවීම පමණක් නොව, එය මහා සමාජ ව්‍යසනයක් බවත් ඒ හේතුවෙන් මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන් වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පවසා තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“ අපේ රටේ කවුද මේක තුරන් කරන්න වැඩ කළේ. මෙච්චර කල් ඔයාලා හරියට වැඩ කරලා තිබුණා නම්, මේ වෙනකොට රටේ කිසිම මිනිහෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර නම් ඉන්නවාද, වේලක්වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වැඩ කරන්න ඕනා නිලධාරීන් ඔයාලා. මෙතනින් ඉස්සරහට ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය වෙන්න ඕනා ගම්වල ඉන්න ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම විතරයි.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට අවධාරණයෙන් ප්‍රකාශ කළා.

මින් ඉදිරියට සියලු සංවර්ධන සැලසුම් දියත් විය යුත්තේ ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගෙන බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, සෙසු අමාත්‍යාංශවල කාර්යභාරය සම්බන්ධයෙන් ද තමන් තුළ කණස්සල්ලක් පවතින බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇති සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.

බොහෝ ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ අතර, වැව් අමුණු සහ එල්ලංගා පද්ධති පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව නමැති වැඩසටහන කෙරෙහි එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ඒ යටතේ දැනට කර ඇති ව්‍යාපෘති සියල්ල පිළිබඳ කෙටි හැඳින්වීමක් එහි පැමිණ සිටි එම ව්‍යාපෘතියේ නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත්, එය ඇසූ ජනාධිපතිවරයා විමසා ඇත්තේ, එම ව්‍යාපෘතිය පමණක් සාර්ථකව ක්‍රියාත්මක වීමටත් සෙසු ව්‍යාපෘති අපේක්ෂිත ඉලක්ක සපුරා නොගැනීමටත් හේතු මොනවාද යන්නයි.

එම ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන සෙසු ව්‍යාපෘති නිලධාරීන් ද ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එම ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

සමස්ත රටේම කෘෂිකර්මාන්තය සංවර්ධනය කර අපේක්ෂිත ප්‍රතිඵල ජනතාවට දීමට නම්, සියලු ව්‍යාපෘති ජාතික මට්ටමට ගෙන ඒමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂි අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සමස්ත අමාත්‍යාංශවල සිටින සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් සකස් කරගත් වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් රටේ දරිද්‍රතාව තුරන් කළ හැකි බව ද මෙහිදී සාකච්ඡාවලට ලක් වූ බව සඳහන්.

කුඩා ව්‍යාපෘතියේ සිට මහා පරිමාණ ව්‍යාපෘතිය දක්වා සියලු වැඩ අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉදිරිපත් වූ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන අතර, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කලාට ලක්ෂ 28ක දඩයක්

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග...

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...