26.5 C
Colombo
Friday, October 25, 2024

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

- Advertisement -

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල පල්ලියගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සඳහන් කළා.

එදින පරීක්ෂණ අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බවත් නීතිඥවරයා පවසා තිබෙනවා.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ අමතර ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර මෙම පෙත්සම කරුණු තහවුරු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා තිබුණා.

ඒ අනුව අදාල පෙත්සම නොවැම්බර් මස 05 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කලාට ලක්ෂ 28ක දඩයක්

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග...

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...