24.3 C
Colombo
Tuesday, November 26, 2024

වැඩිම ඩෙංගු රෝගීන් පිරිස කොළඹින්

- Advertisement -

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් හතලිස් එක්දහස් හත්සිය දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටිනවා .

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හදුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව දසදහස් හාරසිය අසූහයක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4936 දෙනෙක් වාර්තා වී තිබෙනවා .

කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 2306ක්.

ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ බස්නාහිර පළාතෙන් රෝගීන් 17728 දෙනෙක් වාර්තා වී ඇති බවයි.

මේ මාසයේ ගතවූ කාලය තුළ පමණක් රටපුරා රෝගීන් 2289 දෙනෙක් හදුනාගෙන තිබෙනවා.

පසුගිය මාසයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 2769ක් බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES