මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා.
පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක් කඩා සැකකරුවන් නිවසට ඇතුළුවී ඇති බවයි.
පානදුර මාදුපිටිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටී කාන්තාවන් දෙදෙනකු මෙලෙස පහරකැමට ලක්වී ඇති අතර එහිදී ඔවුන් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.
තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරනු ලබනවා.