26.5 C
Colombo
Saturday, October 26, 2024

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

- Advertisement -

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරකු ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටද නියම කර තිබෙනවා.

මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන බව සඳහන් කරමින් මහබාගේ පොලිසියේ සැරයන්වරයෙකු කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළ බවට වාර්තා වනවා.

සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ජනාධිපති පොලිස් ආරක්‍ෂක අංශයේ පොලිස් රියදුරෙකු ලෙස සේවය කළ අයෙක්.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් මහබාගේ පොලිසියේ සැරයන්වරයා පසුගිය 24 වැනිදා රාත්‍රී 10.30ත් 11.00ත් අතර කාලයේ මහබාගේ හන්දියේ ඇති පදික මාරූවෙන් 65 හැවරිදි වයෝවෘද්ධ පුද්ගලයකු පාර මාරූ වෙමින් සිට ඇති බවත් ඒ අවස්ථාවෙදී සැකකරු විසින් කැබ් රථය නොසැළකිලිමත් ලෙස පදවමින් පදික මාරූවෙන් පාර මාරූ වෙමින් සිටි පුද්ගලයා හප්පා ඇති බවත් දැනුම් දුන්නා.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පදිකයා වහාම රෝහල් ගත කර ඇති නමුත් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසු සැරයන්වරයා මෙම රිය අනතුර දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සහ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කර බලමින් සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන බව පවසා තිබුණා.

තුවාලකරු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමට තවමත් නොහැකි වී තිබෙන බව සැරයන්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කලාට ලක්ෂ 28ක දඩයක්

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

ආරක්ෂාව ගැන ජනපති රාජත්‍රාන්ත්‍රිකයින් දැනුම්වත් කරයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවි...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...