26.5 C
Colombo
Saturday, October 26, 2024

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කලාට ලක්ෂ 28ක දඩයක්

- Advertisement -

පක්‍ෂීන් සහ උරග විශේෂ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙලෙස දඩ නියම වූයේ මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන් හි පදිංචි ධීවරයින් පස් දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයෙකුට යි.

සැකකාර ධීවරයන් පස්දෙනා සහ ඉන්දියානු ජාතිකයා වරද පිළිගැනීමෙන් පසු එක් අයෙකුට රුපියල් හාර ලක්ෂ අසූ දහස බැගින් හයදෙනාට රුපියල් විසි අට ලක්ෂ අසූ දහසක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ (24) නියෝග කර තිබෙනවා.

මෙම සතුන් ප්‍රවාහනය කළ නාවික හමුදා භාරයේ තිබු ධීවර යාත්‍රාව රාජසන්තක කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය දැනට ජාතික සත්වෝද්‍යානය භාරයේ තිබෙන සතුන් සියලුම දෙනාද රාජසන්තක කර දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බාරදෙන ලෙසද නියෝග කළා.

පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලද තොරතුරක් මත කල මෙහෙයුමකදි දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජූලි මස 07 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03 ක් ඇතුළත්.

නාවික හමුදා භාරයට ගත් මෙම සතුන් සහිත බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් ගාල්ල වරායට රැගෙන පැමිණිමෙන් පසු හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජුලි මස 09 වන දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණා.

සිදු කළ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මීගමුවේ පදිංචි පුද්ගලයෙකු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාව වන විටත් ඔහු මිය ගොස් ඇති බව අනාවරණය වූ බව වනජීවී නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි ඉන්දියානු ජාතික සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත මුදාහැර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

ආරක්ෂාව ගැන ජනපති රාජත්‍රාන්ත්‍රිකයින් දැනුම්වත් කරයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවි...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...