30 C
Colombo
Saturday, October 26, 2024

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

- Advertisement -

ඉරානයේ තෝරාගත් මිලිටරි මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ, ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්නයට ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බවයි.

ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීමට අයිතියක් සහ යුතුකමක් ඇති බවත්,  ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක හැකියාවන් සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින්ද මෙම පිපිරීම් සම්බන්ධයෙන් වාර්තා කර තිබුණත් එමඟින් සැලකිය යුතු තරම් හානියක් සිදුව නොමැති බවත් එම ප්‍රහාර අසාර්ථක බවටත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

 මේ අතර, මෙම ප්‍රහාර සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සම්බන්ධයක් නොමැති බව එරට ආරක්ෂක අංශ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයක් පදියපැලැල්ල, මන්දාරම්නුවරදී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා. සිමෙන්ති ඇසුරුම් 200ක් රැගෙන යමින් තිබු මෙම ලොරි රථය බෑවුම් සහිත මාර්ගයේ ගමන් කිරීමේ...

කොරියාවේ රැකියා පෙන්වා සල්ලි ගරන ජාවාරමක්

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි­යක් අනා­ව­ර­ණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා. බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...