24.3 C
Colombo
Tuesday, November 26, 2024

ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට

- Advertisement -

ශීතකරණයෙන් විදුලි සැර වැදුණු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අත්තනගල්ල පොලිසිය සඳහන් කළේ අදාළ දරුවා නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේදී විදුලි සැර වැදී ඇති අතර වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මිය ගිය බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පළමු වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 ක පිරිමි දරුවෙක්.

මෙම දරුවා නිවස ඇතුළත් සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුළ තිබු ශීතකරණයේ පහළ කොටස තුළට අත දැමීමේදී විදුලි සැර වැදී ඇති බවත් හෙළි වී තිබෙනවා.

එය දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES