29 C
Colombo
Saturday, October 26, 2024

දහම් පාසල් සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

- Advertisement -

දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.

‘දිනමිණ’ වාර්තා කළේ කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දැරියක් අපයෝජනයට ලක් කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මෙම හිමිනම  සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර එම දහම් පාසැලේ අධ්‍යාපනය ලැබීම සඳහා SOS ළමා ගම්මානයේ  රැකවරණය ලබන මෙම සිසුවිය ඇතුළු  ළමුන් පිරිසක් පැමිණෙන බව වාර්තා වෙනවා.

ඒ අතරින් මෙම සිසුවිය දහම් පාසල් තරග සඳහා තෝරා ගෙන ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම්වලට සවස් කාලයේදී ගෙන්වා ගෙන ඇයව හිමිනම වාසය කරන කාමරයට කැදවාගෙන ගොස් ටොෆී , චොකලට්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් , අත් ඔරලෝසුවක්, සුවද විළවුන් හා මුදල් ඇතුළු තැගි භෝග ලබා දී රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ දැරිය රැකවරණය ලබන ළමා ගම්මානයේ පාලනාධිකාරිකාරියෙන් ලබා නොදෙන උපකරණ දැරිය සන්තකයේ තිබෙනු එහි පාලනාධිකාරිය  දැක විමසා ඒ බව දැරියගේ මවට පවසා තිබෙනවා.

අනතුරුව  මව පැමිණ දැරියගෙන්  ප්‍රශ්න කිරීමේදී ඉකුත් අගෝස්තු 02 දා සිට සැප්තැම්බර් 09 දා දක්වා කාලය තුළ දහම් පාසැලේ තරග වලට පුහුණු වීමට ගිය අවස්ථාවේදී විවිධ භාණ්ඩ දී රවටා මෙම ලිංගික අපරාධය සිදුකර ඇති බවට තොරතුරු  අනාවරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව දැරියගෙන් සහ හිමිනමගෙන් ප්‍රකාශ සටහන් කොටගෙන වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිමිනම කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වනවා

RECENT ARTICLES - SINHALA

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය...

ඇල්පිටිය ඡන්දෙ ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

ඇල්පිටිය මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඔහු පැවසුවේ, එම ගණන් කිරීමෙන් පසු...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...