29 C
Colombo
Saturday, October 26, 2024

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්

- Advertisement -

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බවයි.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, 4%ත් 11%ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

එය සෑම අංශයකටම 6%ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවද පැවසුවා.

එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරන බවයි.

යෝජනා සියල්ල මහජන උපදේශනයකට යොමුකර අවසන් තීරණයක් ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවා.

මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා 21.9%කින් විදුලි ගාස්තු සංශෝධනය කළා.

දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%ක්.

RECENT ARTICLES - SINHALA

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ලබන සඳුදා (28) සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර "යාල්දේවී" දුම්රිය සහ...

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි අරන්

කොට්ටාව - මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අදාළ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි...

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...