29 C
Colombo
Saturday, October 26, 2024

මැතිවරණ පැමිණිලි ඉහළට

- Advertisement -

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (25) දිනයේ දී පමණක් මැතිවරණ පැමිණිලි 53ක් වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊයේ දිනයේ දී ලැබුණු පැමිණිලි අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ඇතුළත් බවයි.

ඒ, අනුව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ගණන හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ (25) දිනය දක්වා සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 716ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දුන්නේ, එලෙස ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 580ක් විසඳීමට කටයුතු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ලබන සඳුදා (28) සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර "යාල්දේවී" දුම්රිය සහ...

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි අරන්

කොට්ටාව - මහරගම පරණ පාරේ කොට්ටාව ආසන්නයේදී අද (26) වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අදාළ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගිනි...

ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...