25 C
Colombo
Saturday, October 26, 2024

අත්පත්‍රිකා දෙන්න ගිහින් පොහොට්ටු අපේක්ෂකයෙක්ගේ බිරිදක් ගුටි කාලා

- Advertisement -

මහ මැතිවරණයේ අත්පත්‍රිකා බෙදමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ බිරිඳට වන කාන්ති කොඩිකාර මහත්මිය මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදීයි.

සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට ගොස් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු කාන්ති කොඩිකාර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහරදුන් පුද්ගලයාව මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

භාවිතයට නොගන්නා රජයේ වාහන ගැන තීරණයක්

අමාත්‍යංශවල භාවිතයට නොගන්නා කැබ් රථ අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවට පුවතක් වාර්තා වෙනවා. පරිසර, වනජීවි, වන සම්පත්,...

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ...

ඡන්ද ප්‍රචාරණයට ගිය කාන්ති කොඩිකාරට ප්‍රහාරයක්

මැතිවරවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්වූ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...