30 C
Colombo
Sunday, October 27, 2024

යළිත් තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගැනීමේ උත්සහයක්

- Advertisement -

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ පරීක්ෂණවල ඉතා රහස්‍ය වාර්තා බාහිර පාර්ශ්වයන් අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබූ බව පසුගිය 23 වැනිදා අරුණ පුවත්පත පලකළ වාර්තාවක සඳහන් කර තිබුණා.

පාස්කු ප්‍රහාරයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ‍ගොනුකර තිබෙන නඩුවකට අදළව මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් නීතිඥ සංජීව ගමගේ විසින් එම ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, සිය ඉල්ලීම අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නීතිඥ සංජීව ගමගේ කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල රහස්‍ය වාර්තාවල සඳහන් කරුණු බව කියමින් තරිඳු ජයවර්ධන නැමැති අයෙකු විසින් යූ ටියුබ් නාලිකාවක් හරහා කරුණු ඉදිරිපත් කර තිබෙන බවත්, ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පාස්තු ප්‍රහාරයට අදාළ විමර්ශනවල රහස්‍ය වාර්තා ලබාදුන්නේ කවුද කියා සොයා බලන ලෙස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ කමිටුවල විනිසුරුවරුන්ට එරෙහිවද මාධ්‍යවේදි තරිදු ජයවර්ධන ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට බලයක් අධිකරණයට ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ කරුණු දැක්වීමට ලබන 13වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අපරාධ දෙපාර්තමේන්තුව පරික්ෂණ නොතීසි නිකුත් කළ බව අරුණ පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර, මෙම නඩුවට අදාළව ප්‍රසිද්ධ මාධ්‍යය මගින් අදහස් පළකළ මාධ්‍යෙව්දී තරිදු ජයවර්ධන විසින් විමර්ශන නිලධාරියා මාරු කරන බවට සිදු කළ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඉන්දුක ද සිල්වා නැමැති එම නිලධාරියා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති බව ද අදාළ නීතිඥවරයා මෙහිදී සදහන් කර තිබෙන බව ‘හිරු’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඉන්දුක ද සිල්වා නැමැති එම නිලධාරියා බී වාර්තාවක් ගොනු කරමින් මාධ්‍යවේදී තරිඳු ජයරධන මහතාට විරුද්ධව නියොගයක්ද එවා තිබුණා.

තවද, එම බී වාර්තාවට අදාලව කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ තැතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේතුවට සහ පොලිස් පැමිණිලි 2ක් තරිඳු ජයවර්ධන මහතා විසින් සිදු කර තිබෙන අතර, එසේ තිබියදී ඒ අතරවාරයේ මෝසමක් මඟින් මෙම නඩුව කැඳවීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධාකළ අයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එළැඹෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් තමන්ට අවැසි දෑ මිලදී ගැනීමට දිනපතා...

මටත් බහුතරේ නැහැ, අනුරටත් නැහැ – රනිල්

තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසුවා. පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නා ලෙස ජනාධිපති...

ඩඩ්ලිගේ හාල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පැනලා

ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව, ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරයට අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා. එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින් පිරිසක්...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...