ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) පස්වරුවේ සමත් වුණා.
ඒ අනුව, ඔවුන් සිංගප්පූරු කණ්ඩායම සමඟ අවසන් තරඟයේදී තරග වැදීමට නියමිතයි.
ඒ, හොංකොං කණ්ඩායම ලකුණු 71- 47ක් ලෙස පහසුවෙන් පරාජය කරමින්.
මෙවර තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්වුණා.
ආසියානු දැල්පන්දු ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 13වැනි වරටයි.
ඉන් ශ්රී ලංකාව අද ජයත් සමග අවස්ථා 11කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් අවස්ථා 6කදී ආසියානු දැල්පන්දු කිරුළ ජයග්රහණය කර තිබෙනවා.