26 C
Colombo
Sunday, October 27, 2024

රත්වත්තේ නෝනගේ ගෙදරින් හමුවුන සැප රිය

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් ඊයේ (26) සොයා ගෙන තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දෙමින් පවසා තිබෙන්නේ මීට දින කිහිපයකට පෙර මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා විසින් අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමු බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබු අතර ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලීසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබෙනවා.

මෙම නිවසේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් බව බවයි පැවසෙන්නේ.

ඒ අනුව පොලිසිය විසින් ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මිරිහාන පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

අද (27) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ රථය පරීක්ෂා කිරීමට නියමිත අතර ඉන් පසුව ඉදිරි විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටිමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ...

ඡන්ද පෝස්ටර් ඇලවූ තවත් පිරිසක් අත්අඩංගුවට

රංගල , උඩිස්පත්තුව ප්‍රදේශයේ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා අලවමින් සිටි තිදෙනෙකු එම පත්‍රිකා 160 ක් සහ ඔවුන් පැමිණ සිටි වෑන් රථයක් සමග අත්අඩංගුවට...

අණ නොතැකූ රියකට වෙඩි

බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...