30 C
Colombo
Sunday, October 27, 2024

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

- Advertisement -

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙසයි.

ඒ වෙනුවෙන් අද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතිනවා.

ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ඇතුලු ලේඛණ රැගෙන යාම අනිවාර්ය වනවා.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ලාංකිකයින්, එලෙස පිටත්ව යෑම සඳහා සිය සේවා යෝජකයාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතුයි.

මේ අතර ගුවන් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදුකරන පූර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැළකිලිමත් වන්නැයි තානාපති කාර්යාලය නිවේදනය කළා.

එවැනි අවස්ථාවල අදාළ ප්‍රදේශවලින් ඉවත්ව, වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතුයි.

අනවශ්‍ය ගමන් බිමන් නතර කර, හැකි තරම් සිය සේවා ස්ථානය තුළ රැඳී සිටින්නැයි ද, ලෙබනනයේ සිටින ලාංකිකයින්ට, තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා.

යම් ගැටලුවක් ඇත්නම්, 00 961 791 255 89 යන දුරකතන අංකය අමතා, තානාපති කාර්යාලයට දැනුම් දීමට හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

මටත් බහුතරේ නැහැ, අනුරටත් නැහැ – රනිල්

තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසුවා. පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නා ලෙස ජනාධිපති...

ඩඩ්ලිගේ හාල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පැනලා

ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව, ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරයට අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා. එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින් පිරිසක්...

විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිඟයක්

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972කගේ පමණ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන්...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...